ජැක්සන් ඇන්තනි නම් වූ අපූරු පුද්ගලයා සමග අප දන්න-නොදන්නා ලාංකික ඉතිහාසය

දේශපාලනය යනු අපූරු සංකල්පයකි. දේශපාලනයට විරුවන් ද්‍රෝහියන් කිරීමටත්, ද්‍රෝහියන් විරුවන් කිරීමටත්,  පඬුවන් නිකමුන් කිරීමටත්,නිකමුන් මහා උගතුන් කිරිමටත් අපූරු හැකියාවක් ඇත. පසුගිය තෙවසර තුලදී, ශ්‍රී ලාංකිකයින්ට තරම් මෙම  සංසිද්දිය ඒත්තු ගැණුනු තවත් ජාතියක් මේ ලොව විය නොහැක.

ජැක්සන් ඇන්තනි යනු මේ දේශපාලන ක්‍රියාදාමයේ යන්ත්‍රයට හසු වූ තවත් එක් චරිතයකි. ඔහුටත්, අපි සැමට මෙන්  තමන්ගේම දේශපාලන පිලිගැනීමක් තිබේ. ජීවිත කාලයක අත් දැකීම් මත ගොඩ නගා ගත් තමන්ගේම දර්ශණයක්ද තිබේ. එසේම සෑම නිදහස් පුරවැසියෙකුටම මෙන් තම මතය ප්‍රකාශ කිරීමේ අයිතියක්ද ඔහුට හිමි විය යුතුය…

පසුගිය වකවානුවේ දේශපාලන කරලියටපිවිසි කළා කරුවන් රැසකි. ඔවුන් අතරින් ජැක්සන්ගේ භූමිකාව සැමවිටම විශේෂ අවධානයට පාත්‍ර විය. මීට හේතුව ඔහු බොහෝවිට පුහු දේශපාලන වේදිකාවට බුද්ධිමය පසුතලයක් ගෙන ආ නිසා විය හැකිය. කෙසේ නමුදු, අප ඔහු දැන සිටියේ ආදරණීය කළා කරුවෙකු ලෙසය. පෙර දින ජැක්සන් යන කළා කරුවාට එකාවන්ව ආදරය කල අප, අද දින ජැක්සන් නැමති දාර්ශනිකයා ගැන පිල් බෙදී වාද කරන්නෙමු.

මෙම දේශපාලන වාද විවාද මැද ජැක්සන් ඇන්තනි යන දාර්ශනිකයා, ඉතිහාසඥයා, හා කලා කරුවාගේ අපූර්ව ලෝක දැක්ම, මුඛරි ප්‍රකාශන හැකියාව හා වසර ගනාවක අත් දැකීම් සමබාරය අමතක කල යුතුද? එපමනක් නොව, මෑත කාලයෙදි විවාදයට බදුන් වූ ඔහුගේ නොයෙක් ප්‍රකාශයන් හුදු දේශපාලන වන්දිභට්ටකම් පමනක්ද? එම ප්‍රකාශ සාධාරණීකරනය  කල හැකි ඓථිහාසික, සමාජ විද්‍යාත්මක පදනමක් තිබේද?  අන්තර්ජාල “චැට් රූම්” එකක “බ්ලොග්” අඩවියක “කොමෙන්ට්” එකතු කරනවා හැර, සහෝදර ශ්‍රී ලාංකික සහෘදයන් ලෙස බුද්ධිමත් සංවාදයකට එක්වීමට අපට පුලුවන්ද ?

මන්ඩප ශ්‍රී ලාංකික සංසදය, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් අතර අපගේ ජාතික උරුමය සහ අනන්‍යතාවය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ඇතිකර ගත් සංවිධානයකි. අපගේ පලමු ව්‍යාපෘතිය ලෙස මේ ජැක්සන් ඇන්තනි නම් වූ අපූරු පුද්ගලයා අප අතරට ගෙන්වා අප දන්න-නොදන්නා ලාංකික ඉතිහාසය පිලිබඳ කථාවක් හා සංවාදයක් කිරීමට බලාපොරොත්තු වෙමු.

දිනය: සැප්තැම්බර් මස 23 වන සිකුරාදා

වියදම: එක් අයෙකුට ඩිරාම් 75ක් පමණ

තැන හා වෙලාව: ඩුබායි නගරයෙදී

ඔබ මෙම වැඩසටහනට සහභාගි වීමට කැමතිනම් info@mandapa.org ඉමේල් ලිපිනයට ලියන්න.  වැඩි විස්තර සඳහා www.mandapa.org වෙත යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>